2023ජනවාරි මස 24 දින සඳහා කාලගුණ අනාවැකිය

2023 ජනවාරි මස 24 දින උදෑසන 05.30  නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් දකුණු වෙරළබඩ ප්‍රදේශවලදීත් උදැසන කාලයේදී වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version