2023මාර්තු මස 16 දින සඳහා කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 15 දින මධ්‍යහන 12.00 නිකුත්කරන ලදි.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.

බස්නාහිර, සබරගමුව, උතුරු මැද, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන අතර ඇතැම් ස්ථාන වලට මි.මී. 75 ක පමණ තරමක් තද වැසි ඇති විය හැක.

නැගෙනහිර පළාතේ වෙරළබඩ ප්‍රදේශ වල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version