2023මාර්තු මස 25 දින සඳහා කාලගුණ අනාවැකිය

2023මාර්තු මස 25 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.

බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

නැගෙනහිර පළාතේත් වැසි ස්වල්පයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

Exit mobile version