2023  ජනවාරි 1 සිට ග්‍රාමනිලධාරී ස්ථාන මාරුවීම්

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසන පරිදි  එක් ග්‍රාම නිලධාරී වසමක වසර 5 ක් සේවා කාලය සම්පූර්ණ කර ඇති සියලුම ග්රමනිලධාරින් 2023 ජනවාරි 1 වන දා සිට ස්ථාන මාරුව අනිවාර්ය බව සදහන්වේ.

ඒ අනුව  විශේෂ හේතුවක්, කරුණක්  ඇති  ග්‍රාමනිලධාරීන් හැර අනෙකුත් වසර 5ක සේවා කාලය සම්පුර්ණ කර ඇති නම් ඒ සියලු ග්‍රාමසේවා නිලධාරීන් හට ස්ථාන මාරු වීම් ලබා දීමට කටයුතු කරණ ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලුම දිස්ත්‍රක් හා ප්‍රාදේශීය ලේකම්වරුන් හට ඊට  අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව සදහන් වේ.

දිස්ත්‍රක් හා ප්‍රාදේශීය ලේකම්වරුන් තවත් දේශපාලන බලපෑම් හෝ දේශපාලන අතකොලු නොවී සාදාරණ ලෙස තම තමන්ගේ කොටස හරියාකාරව සිදු කිරීම වැදගත් කරුණකි.

Exit mobile version