2023 ජනවාරි 14 සඳහා කාලගුණ අනාවැකිය

2023 ජනවාරි 14 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

ඉදිරි දින කිහිපයේදී දිවයිනේ දකුණු අර්ධයේ අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට වායුගෝලීය තත්ත්වය හිතකර වේ.

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දකුණු, සබරගමුව සහ ඌව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version