2023 ජනවාරි 15 සඳහා කාලගුණ අනාවැකිය

2023 ජනවාරි 15 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක. දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇත.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version