2023 ජනවාරි 16 සඳහා කාලගුණ අනාවැකිය

2023 ජනවාරි 16 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී

අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී දකුණ, සබරගමුව, ඌව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි අපේක්ෂා කළ හැක.

නැගෙනහිර පළාතේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Exit mobile version