2023 ජනවාරි 18 දින පෙ.ව. 05.30 ට නිකුත් කරන ලදී
අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දකුණු පළාතේ උදෑසන කාලයේදීත් වැසි ස්වල්පයක් ඇති විය හැක.
දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාධාරණ කාලගුණයක් පවතිනු ඇත.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.