2023 සහ 2024 දී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය.

21 වන ශතවර්ෂය මුහුණ දී ඇති අභියෝගයන්ට සාර්ථක විසඳුම් සෙවීමට හැකි වන පරිදි දක්ෂ දරුවන් කණ්ඩායමක් සිටින රටකට අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීම සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාතික අධ්‍යාපන ආයතනය කටයුතු කරයි. විෂය නිර්දේශ හා ඉගැන්වීමේ ක්‍රමෝපායන්හි සැලකිය යුතු වෙනස්කම් හඳුන්වා දීමට මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇත. යෝජිත ප්‍රතිසංස්කරණ 2023 දී 1, 2, 6, 8 සහ 10 ශ්‍රේණි සඳහා සහ 2024 දී 3, 4, 5, 7 සහ 11 ශ්‍රේණි සඳහා හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දුන්නේය. දැනට ජාතික අධ්‍යාපන ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලය එම කාර්යයන් සඳහා ප්‍රමාණවත් නොවන බැවින් රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස සේවය කරන අදාළ විෂය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පළපුරුදු ගුරුවරුන් 150 දෙනෙකු ජාතික අධ්‍යාපන ආයතනයට අනුයුක්ත කර ගැනීමට නියමිතය.

Exit mobile version