ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්රකාශයක් සිදුකරමින් සඳහන් කළ බව වාර්තා වේ .
වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා ,
“අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්රීවරුන්ට මම ස්තූතිය පළ කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි. මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා.”