ප්රතිලාභ මෙි මාසය අවසන් වීමට පෙර.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විසින් සදහන් කොට ඇත්තේ අස්වැසුම ප්රතිලාභ සඳහා සුදුසුකම් ලබා ඇති පාර්ශව සඳහා මෙම මාසය අවසන් වීමට පෙර ප්රතිලාභ ලබාදෙන බවයි.
මෙම ප්‍රතිපාදන වෙනුවෙන් පසුගිය වසර තුල රජය වැයකළ මුළු මුදල රුපියල් බිලියන 144 ක් වන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් යටතේ ආරම්භ කරන ලද “අස්වැසුම” වැඩසටහනට සමගාමීව මෙවර ඒ සදහා රුපියල් බිලියන 206 ක පමණ මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කර ඇතිබව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කර ඇත.
“ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (12) පැවති උත්සවයකදීය.
ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත්තේ රජය ගෙන යන මෙම වැඩපිළිවෙළේ දී දිලිදු පවුල් ඒකක ලක්ෂ 20 කට අස්වැසුම ප්රතිලාභ ප්රදානය කිරීම අපේක්ෂාව බවයි.