කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ වගන්ති කිහිපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම වගන්ති සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ 2/3 විශේෂ බහුතරයක් සහ ජනමත විචාරණයක් අවශ්‍ය බවට දැනුම් දී ඇති බව අද (21) පාර්ලිමේන්තුවේදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී ඇත.