22 සම්මතයි. ආණ්ඩු පක්ෂයේ මහින්ද ඇතුළු පිරිසක් ඡන්දය මගහරියි.

ඊයේ (21) දින 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වූ අතර ඇතැම් මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා පාර්ලිමේන්තුවට නොපැමිණ ඇත.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු විශාල පිරිසක් එලෙස නොපැමිණි මන්ත්‍රීවරු අතර විය.ඒ අතර  හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය ප්‍රසන්න රණතුංග, සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්.චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන් , සංජිව එදිරිමාන්න ඇතුළු මන්ත්‍රීවරු විය.

මේ අතර කාරක සභා අවස්ථාවෙන් අනතුරුව තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදී පක්ෂව ඡන්ද 173 කින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත විය.

රියල් අද්මිරාල් සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණක් විපක්ෂව ඡන්දය භාවිතා කර ඇත.

කෙසේ වෙතත් මෙම සංශෝධනය තුළ රටට සහ ජනතාවට හිතකර  ධනාත්මක කරුණු  රැසක් අඩංගු වන අතර රටේ සුභසිද්ධිය පිලිබදව නිරන්තරයෙන් කතා කරන ඇතැම් මන්ත්‍රීවරුන් රැසක්‌ම ඡන්දය ප්‍රකාශ නොකිරීමට පාර්ලිමේන්තු නොපැමිණීම ප්‍රශ්නාර්ථයට තුඩු දෙන කරුණකි.

Exit mobile version