පවතින මහ වැසි සමග නාය යාමේ අවදානමක් මතුවී ඇති බැවින් හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ තංගමලේ ග්ලැනෝර් වත්තේ පවුල් තිස් දෙකක් අද( 20 ) ආරක්ෂිතව ඉවත් කළ බවට හපුතලේ ප්රාදේශීය ලේකම් ගයානි කේ රණතුංග මහත්මිය පැවසූ බව වාර්තා වේ.
ග්ලැනෝර් වත්තේ අංක 10 නිවාස පේලියේ සහ අවට තවත් නිවාසවල පදිංචිව සිටි පවුල් 32ක සාමාජිකයින් අසූ නම දෙනෙකු මෙලෙස ඉවත් කර තිබේ.
මෙසේ ඉවත් කළ පවුල් 32ක පුද්ගලයින් ග්ලැනෝර් මහා විදුහලේ තාවකාලික කඳවුරක රඳවා ඇති බවද ප්රාදේශීය ලේකම් තුමිය ප්රකාශ කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ප්රදේශයේ සිදුකළ භූමි පරීක්ෂණයකදී ජල පහරවල් මතුවීම හා භූමිය ගිලාබැසීම් නිරීක්ෂණය කිරීමත් සමඟ නායයාමේ පූර්ව ලක්ෂණ ඇති වී ඇති බැවින් කඩිනමින් මෙම පවුල් ඉවත් කිරීමට අද දින නිර්දේශ ලබාදී තිබේ.