රටේ පවතින අර්බුදකාරී දේශපාලනයට එරෙහිව වීදි බැස ඇති ජනතාව පවසන අන්දමෙන් පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාම හොරු ලෙස ලේබල් කරන තත්ත්වයට පාර්ලිමේන්තුව පත් වී ඇති බව මන්ත්රී වීරසුමන වීරසිංහ පවසනවා.
මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ, පාර්ලිමේන්තුවේ ‘හොරු’ යන ලේබලයට අයත් පිරිස් මෙන්ම ඊට අයත් නොමැති පිරිස් ද සිටින බවයි.
පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන්ට, ජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වහාම සොයා බැලීමට පාර්ලිමේන්තුව තුළ වහාම විගණනයක් ක්රියාත්මක කළ යුතු බව ඒ මහතා පෙන්වා දෙන්නේ.
නිවැරදි විගණනයක් තුළින් වැරදිකරුවන් සිටී නම්, ඔවුන්ට දඬුවම් ලබා දී, එම දේපොළ ජනතාවට යළි පවරාගත හැකි බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළා.