23න් වසරකට පසු දුම්රියෙන් කොළඹට එන එළවළු.

නුවරඑළිය සිට කොළඹ දක්වා එළවළු දුම්රියෙන් ප්‍රවාහනය කීරීම වසර 23 කට පසු ඊයේ (27) ආරම්භ වුනා.

මෙය පාර්ලිමේන්තුවට  ජනාධිපති තුමා විසින් ඉදිරිපත් කල අතුරු අයවැය යෝජනාවකට අනුව ආරම්භ විය.

මෙහි පළමු එළවළු තොගය නානුඔය සිට කොළඹ කොටුව දක්වා ප්‍රවාහනය ආරම්භ කල අතර රාත්‍රී 12 පමණ වන විට කොළඹ කොටුව දුම්රිය ස්ථානය වෙත ලගාවිය.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් සීඝ්‍රගාමී දුම්රියක් ලෙස ධාවනය වන මෙම දුම්රිය එමගින් ගෙනෙන එළවළු කොළඹ මැනින් වෙළදපොළට යොමු කරේ.

Exit mobile version