23 හමුදා සෙබළා 17 සිසුවියට තර්ජනය කරලා.

17 හැවිරිදි පාසල් දැරියගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරන බවට තර්ජනය කළ යුද හමුදා සෙබළෙකු කටුගස්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදාළ පාසල් සිසුවිය කටුගස්තොට පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන අතර මෙම සැකකාර යුද හමුදා සෙබළා සේවය කරන මින්නේරිය යුද හමුදා කඳවුරේ තුන්වන ඉංජිනේරු සේවා මූලස්ථානයට දැනුම් දීමෙන් අනතුරුව එහි නිලධාරීන් පිරිසක් විසින් අදාළ සැකකාර යුද හමුදා සෙබළා කටුගස්තොට පොලිසිය වෙත භාර දී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සෙබළා අනුරාධපුර පුරුන්දන්ගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙක් බව සඳහන් වේ.

Exit mobile version