ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීම පෙන්නුම් කරමින් පසුගිය දින හත තුළ ශ්‍රී ලංකාවෙන් රෝගීන් 2,316ක් වාර්තා වී තිබේ.
ඒ අනුව දිනකට රෝගීන් 325ක් පමණ වාර්තා වී තිබෙන අතර මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ (NDCU) අධ්යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ, දිනකට සාමාන්‍යයෙන් රෝගීන් 250 කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන තත්ත්වයට රට නැවතත් පැමිණ ඇති බවයි.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන්ගේ වැඩිවීමක් අපේක්ෂා කරන බවට අධ්යක්ෂවරයා පවසා තිබේ.
එබැවින් ඩෙංගු රෝගයෙන් මිදීම සඳහා තම අවට පරිසරය පිරිසිදුව තබාගෙන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවට ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයට අනුව, 2023 වසරේ මුළු රෝගීන් 88,398ක් වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.