කොරෝනා නැවැත් වූ වැඩ 24 ක් යළි අරඹයි.

කොරෝනා වසංගතය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලීකව නතර වී තිබූ ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ අනුව එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. 

මෙලෙස අතරමග නැවතුණු ව්‍යාපෘති 24 න් ව්‍යාපෘති 9ක් නතර වී ඇත්තේ ඊට අදාළ විවිධ ආයතනික ගැටළු මත බවත් , මෙම ව්‍යාපෘති වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් මිලියන 56,529 ක් පමණ වන බවත් , එම ව්‍යාපෘති 9 සඳහා මේ වන විට රුපියල් මිලියන 1,180 ක පමණ බිල්පත් කොන්ත්‍රාත්කරුවන් වෙත ගෙවා ඇති බවත් නාගරික සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ කර තිබේ.

එමෙන්ම  තවත් රුපියල් මිලියන 14 ක බිල්පත් ගෙවීමට ඇති බව සඳහන්.

නාගරික සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් ප්‍රකාශ කරන්නේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සම්පූර්ණ මූල්‍යමය අවශ්‍යතාව රුපියල් මිලියන 55,335 ක් ලෙස ගණන් බලා ඇති බවත් ,   ඉන් රුපියල් මිලියන 55,000 ක් ම වෙන් කර ඇත්තේ බොරැල්ලේ පිහිටි වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ ප්‍රදේශයේ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා බවත් ය.

Exit mobile version