ශ්රී ලංකාවේ ආර්ථික ප්රතිසංස්කරණ ක්රියාවලිය සාර්ථකව ඉදිරියට යන බවට ලෝක බැංකුව පවසයි.
එය සලකා බලා “Sri Lanka Resilience, Stability and Economic Turnaround (RESET) Development Policy Operation” යන ඩොලර් මිලියන 500ක වැඩසටහනෙහි දෙවැනි වාරිකය ලෙස ඩොලර් මිලියන 250ක් නිදහස් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.
අයවැය සහාය වැඩසටහනක් ලෙස නම්කර ඇති “RESET DPO”, වැඩසටහන සඳහා 2023 ජූනි 28 වනදා අනුමැතිය ලැබුණි.