පුළුල් කළ යුතු පාලම් 263ක් හදුනා ගනී.

මෙරට ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263 ක් හඳුනාගෙන ඇති බවට මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළ බව වාර්තා වේ. 

එහි අධ්‍යක්ෂ ජනරාල් සර්දා වීරකෝන් සඳහන් කළේ එම පාලම් පුළුල් කිරීමට රුපියල් බිලියන 15.3 ක් ඇස්තමේන්තු කර ඇති බවයි.

මීට අමතරව අබලන් තත්ත්වයේ පවතින පාලම් 135 ක් ද හඳුනාගෙන ඇති බව සදහන්.

ඒ අනුව ඒවා ප්‍රතිසංස්කරණයට අවශ්‍ය මුදල රුපියල් මිලියන 12.3ක් බවට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කර තිබේ. 

Exit mobile version