මහජන උපයෝගිතා කොමිසම විසින් අද (27) සිට විදුලි කප්පාදුවක් සදහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව වාර්තා වේ.
එම කොමිසම සදහන් කරන්නේ දිනකට විදුලි කප්පාදුව පැය 2යි විනාඩි 20ක් බවත් එය දිවා කාලයේ පැය එකකුත් රාත්රී කාලයේ පැය එකයි විනාඩි 20ක් වශයෙනුත් සිදු කරන බවත් එම කප්පාදුව අද (27) සිට ලබන 30 දක්වා බලාත්මක වනු ඇති බවත් ය.