ලාංකිකයින් 270 දෙනෙක්ට තායිලන්තයේ තාවකාලික පැවිද්ද.

සියම් මහා නිකාය මෙරට ස්ථාපිත කර වසර 270ක් සැපිරීම නිමිත්තෙන් ලාංකිකයින් 270 දෙනෙකුට තායිලන්තයට ගොස් තාවකාලිකව මාස හතරක කාලයක් පැවිදි උපසම්පදාව ලබා දීමට කටයුතු සූදානම් කර තිබෙන බව වාර්තා වේ.

මේ සඳහා තායිලන්තයේ වියංමායි පළාතේ මෑ ආයි නගරයේ තම්බෝන් ගමෙහි පිහිටි වට් පා සොම්ඩෙට් ප්‍රා ඤාණ වජිරෝඩො විහාරස්ථානය විසින් අනුග්‍රහය දක්වන බව සඳහන්.

මෙම සංචාරය සඳහා එක්වන කණ්ඩායමෙන් 50 දෙනෙකුට පෙර පුහුණු වැඩසටහනක් ඉකුත් දා මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පවත්වා තිබෙන අතර  270 කින් යුතු කණ්ඩායම ලබන මස 25 වන දා තායිලන්තය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version