අන්තර් ජාතික සංවර්ධනය සදහා එක්සත් ජනපද නියෝජිත ආයතනය විසින් මෙරටට මඩ පොහොර නැතහොත් TSP මෙට්‍රික් ටොන් 36,000 ක ප්‍රමාණයක් ලබා දුන් අතර එම පොහොර ප්‍රමාණයෙන් මේ වන විට මෙට්‍රික් ටොන් 27,000ක ප්‍රමාණයක් බෙදා දී අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ලබා දුන් පොහොර තොගයෙන් ලංකා පොහොර සමාගම විසින් බෙදා දීමට නියමිත පොහොර මෙට්‍රික් ටොන් 21,000ක ප්‍රමාණය ලබන බදාදා දිනය වන විට බෙදා දී අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ලංකා පොහොර සමාගම ප්‍රකාශ කරන ලදී.
එමෙන්ම කොමර්ෂල් පොහොර සමාගම විසින් බෙදා දීමට නියමිත මඩ පොහොර මෙට්‍රික් ටොන් 15,000ක ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් 14,000ක ප්‍රමාණයක් මේ වන විට බෙදා දී අවසන් කර ඇති අතර ඉතුරු ප්‍රමාණය හෙට (25) දිනය වන විට බෙදා දී අවසන් කරන බව එම සමාගම සදහන් කරයි.
මඩ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන දෛනික වාර්තාව මෙම සමාගම් දෙක විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත අද (24) පෙරවරුවේ ලබා දුන් බව වාර්තා වේ.