විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 28 ක් මාට්ටු.

වැල්ලම්පිටිය, සිංහපුර ප්‍රදේශයේ දී පොලීසිය හා යුද හමුදාව එක් ව සිදු කළ මෙහෙයුමකින් සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිටීම, අපරාධ වැඩි වීම සහ මත්ද්‍රව්‍ය යන කාරණා හේතුවෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර ඊට පොලිස් නිලධාරින් 138 දෙනෙකු සහ යුද හමුදා නිලධාරින් 200 දෙනෙකු සමබන්ධ වී ඇති බව සදහන් .

බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, බස්නාහිර දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන, බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාස අධ්‍යක්ෂ, පොලිස් අධිකාරී ලලිස් අබේසේකර යන නිලධාරීන්ගේ උපදෙස් මත මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර මෙහෙයුම යටතේ නිවෙස් 61ක් සහ පුද්ගලයන් 196ක් පරීක්ෂා කර තිබේ .

එහි දී හෙරොයින්, අයිස්, නීති විරෝධී මත්ද්‍රව්‍ය, කඩු, මන්න, තහනම් පිහි සහ ජංගම දුරකථන 12ක් සොයාගෙන තිබෙන අතර
සැකකරුවන් ද 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

Exit mobile version