නීතිවිරෝධී ලෙස ලංකාවට ගෙනෙන ලද කෝටි දෙකයි ලක්ෂ අසුවක් වටිනා රන්භාණ්ඩ තොගයක් හා සැකකරුවන් දෙදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 44 ක් වන කොළඹ සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොහුන් විදේශ රටවලින් මේ ආකාරයෙන් භාණ්ඩ රැගෙන විත් අලෙවි කරන බව අනාවරණය වී තිබේ.
ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ ඇති මොහුන් දෙදෙනාගේ ගමන්මලු තුල තිබී කිලෝ 1 යි ග්‍රෑම් 780 ක් බරැති මෙම රන්භාණ්ඩ තොගය සොයාගෙන තිබේ.