නුවර එළියේ ග්ලාසෝ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙනුම ලබන 5 ශ්‍රේණියෙන් පහළ සිසුන් 29 දෙනෙකුට ආහාර විස වීමෙන් අද (28) පස්වරු 12 ට පමණ නුවර එළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කළ බව වාර්තා වේ.
මෙම පාසලේ ඉගෙනුම ලබන පාසල් සිසුන්ට සෑම දිනකම දිවා ආහාරය පාසලෙන් සැපයීමට කටයුතු කර ඇති අතර අද (28) දිවා ආහාරය ගැනීමෙන් පසු සිසුන්ට වමනය සහ ක්ලාන්තය ඇති වී තිබේ. මේ හේතුවෙන් එම සිසුන් රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කර තිබේ.
ප්‍රමිතියෙන් තොර ආහාර ලබා දීමෙන් මෙලෙස සිසුන් රෝගාතුර වී ඇති බවත් , මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා අවශ්‍ය නීතිමය කටයුතු සිඳු කිරීමට මේ වන විටත් විශේෂ කණ්ඩායමක් යොදා ඇති බවත් නුවර එළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ලසන්ත අඹේරත්න මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.