මුලතිව් ඉඩම් අක්කර 29,000 ක් ජනතා අයිතියට.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 29,000 ක් ඔවුන්ගෙන් නිදහස් කොට ජනතාව වෙත පවරණ ලෙස ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් සියලු පාර්ශවයන් වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ .

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව , මහවැලිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුලතිව් දිස්ත්‍රික්කයේ ජනතාවට අයත් ඉඩම් අක්කර ලක්ෂයක් පමණ බලහත්කාරයෙන් සීමා මායිම් සඳහා යොදා ගෙන ඔවුන්ගේ අයිතියට ගෙන සිටි බව ග්‍රාම නිලධාරීවරු සහ පළාත් මහජන සංවිධානවල නියෝජිතයින් මුලතිව් දිසාපති කාර්‍යාලයේ පැවති සාකච්ඡාවක දී සඳහන් කර තිබූ අතර මේ පිළිබඳව වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී කළ සාකච්ඡාවකින් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ කරදියන්පත්තු , තුනුකායි, වැලි ඔය , පුදුකුඩි ඉරිප්පු , ඔටුසුට්ටාන් , මාන්තෙයි නැගෙනහිර යන ප්‍රදේශවල ඉඩම් මෙලෙස නිදහස් කිරීමට නියමිත බව වාර්තා වේ.

Exit mobile version