මාතලේ දිස්ත්‍රික්කයේ හෙක්ටයාර් 300ක් පමණ කැලෑගිනි ගිනි තැබීමෙන් විනාශ වී ඇතැයිද ඒ්වා කළ පුද්ගලයින් රැසක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවද මාතලේ දිසා වන නිලධාරි අශෝක හේරත් මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
දඩයම් කිරීම,අලි කරදරවලින් බේරීම, ආහාර අවශ්‍යතාවය සපුරාගැනීම ඇතුළු කරුණු කීහිපයක් මුල් කරගනිමින් කැලෑ ගිනිතැබීම සිදුකරන බවට අශෝක හේරත් මහතා පෙන්වා දෙන ලදි.
පවතින අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලෑවකට ගිනි තැබුවහොත් එය ඉතා වේගයෙන් පැතිර ගොස් සිදුවන හානිය සුළුපටු නොවන බවද එතුමා පවසයි.