දින 07ක සටන් විරාමයකින් අනතුරුව හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර ගැටුම් නැවතත් අද (01) ආරම්භ විය.
ඊශ්‍රායල ආරක්ෂක බළකාය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
ගාසා තීරයේ සිට ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කළ බවට ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබේ.
මේ අතර, ගාසා තීරයට එල්ල කළ දරුණු ගුවන් ප්‍රහාර සහ අනෙකුත් ප්‍රහාර හේතුවෙන් පැය 03ක දී ගාසාහි පුද්ගලයන් 32ක් ජීවිතක්ෂයට පත් වූ බවට හමාස් සංවිධානය නිවේදනය කර තිබේ.