ඡන්දය පිලිබදව තීර්ණාත්මක සාකච්ඡාවක්!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් රට තුල තවමත් ඇත්තේ අවිනිශ්චිත තත්වයක් .පාලන බලය ගෙන යන ජනාධිපති වරයා හා ආර්ථිකය කඩා දැමූ බවට චෝදනා ලැබූ වත්මන් ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කරමින් මැතිවරණය කල් දැමීමට උත්සාහ කරන පසුබිමක සමගි ජනබලවේගය හා ජාතික ජනබලවේගය මැතිවරණය ඉල්ලා දැවැන්ත අරගලයක් කරමින් සිටී.

එවන් පසුබිමක පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් අද (07) දින 10.30ට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා, රජයේ මුද්‍රණාලයාධිපතිනිය සහ පොලිස්පතිවරයා යන අයවලුන්ගේ සහභාගීත්වයෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම විශේෂ සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

එමෙන්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් ද වෙනම රැස්වී අද සාකච්ඡා කිරීමට නියමිතය.

මේ අතර සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ අප්‍රේල් මස 02වන සතිය වන විට මැතිවරණ දිනය ප්‍රකාශයට පත්කරනු ඇති බවය.

පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවීමට නියමිතව තිබේ.

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 09 දෙනෙකුගේ අත්සනින් යුක්තව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබේ.

සරත් සමරනායක

Exit mobile version