දියණියන් 16 දෙනෙක් දූෂණය කිරීමට, රාජ්‍ය නිලධාරීන් හවුල් වූ හැටි. ලෝක කාන්තා දිනය දා නොපෙනුණු ශ්‍රී ලාංකික දියනියන්.
- ලෝක කාන්තා දිනයේ ඉතිහාසය!
- පළාත් පරිවාස හා ළමා ආරක්ෂක ලේඛම් නිකමෙක්!
- පරිවාස කොමසාරිස් තද නින්දේ!
- සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව දූෂිතයි!
- රක්වාන පොලිස් ස්ථානාධිපති තනතුර බාල්දු කරයි!
- ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් නිකන් පඩි අරගෙන!
ලංකාවේ බොහෝ දෙනෙකු මෙන්ම ලෝකයේ දසත ඊයේ (08) සැමරුවේ ලෝක කාන්තා දිනයයි. නාමිකව සැමරූ එම කාන්තා දිනයේම රක්වාන සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ විශේෂ නඩුවක් කැඳවීය. ඒ රක්වානේ පිහිටි රජයට අයත් බෝධිරාජ ශාන්ති ළමා නිවාසයේ දමිල ජාතික දියණියන් 16 දෙනෙකු දමිල ජාතිකයෙකු විසින්ම දූෂණය කල බවට ඉදිරිපත් කර තිබෙන අපරාධ නඩුවයි. එම අපරාධය පිලිබඳව සහ කාන්තා දින ඉතිහාසය පිළිබඳව සියල්ලම මේ වන විටත් යට ගොස් තිබේ. අපරාධ වැළක්වීමේ ජාතික වගකීම වෙනුවෙන් මේ විශේෂ ගවේශනාත්මක ලිපිය ලියවෙන්නේ වින්දිත දමිල ජාතික දියනියන්ගේ යුක්තිය වෙනුවෙනි.
ලෝක කාන්තා දිනය පිලිබඳව වර්තාමන ශිෂ්ඨචාරයේ ඉතිහාසය 1848 දක්වා දිව යයි. වහල්භාවයට එරෙහිව සම්මුතියකදී කාන්තාවන්ට කථා කිරීම තහනම් කිරිම ගැන කෝපයට පත් ඇමරිකානුවන් වන එලිසබෙත් කැඩි ස්ටැන්ටන් සහ ලුක්‍රේටියා මොට් විසින් නිව් යෝර්ක්හි ඔවුන්ගේ ජාතියේ පළමු කාන්තා අයිතිවාසිකම් සමුළුවට සිය ගණනක් රැස් කළහ. ඔවුන් එක්ව හැඟීම් සහ යෝජනා ප්‍රකාශනයකින් කාන්තාවන් සඳහා සිවිල්, සමාජීය, දේශපාලනික සහ ආගමික අයිතිවාසිකම් ඉල්ලා සිටියේය. එම රැළියෙන් දශක 6 කට පමණ පසුව 1908 දී ඇමරිකාවේ සමාජවාදී පක්ෂය එම වැඩ වර්ජනයට සිහිකර කාන්තා දිනයක් සමරනු ලැබිය.
දෙවන ලෝක සංග්‍රාමයේ විනාශයෙන් පසු ජාත්‍යන්තර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සඳහා 1945 ඔක්තෝම්බර් 24 වන දින පිහිටුවන ලද එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ආරම්භයේ සිටම පිරිමින්ට සහ කාන්තාවන්ට සමාන අයිතිවාසිකම් ලැබිය යුතු බවට ස්ථාපිත කර ඇත. එහි ආරම්භක ප්‍රඥප්තියේ එහි අරමුණ අතර “ජාති, ස්ත්‍රී පුරුෂ භාවය, භාෂාව හෝ ආගම යන භේදයකින් තොරව සැමට මූලික නිදහස” ප්‍රවර්ධනය කිරීම සහ දිරිමත් කිරීම බව පෙන්වා දෙයි. වසරකටත් අඩු කාලයකට පසු එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සමාරම්භක සැසිවාරය අතරතුර, නෝර්වේහි ෆ්‍රීඩා ඩේලන් එය ඇමතූ පළමු කාන්තා නියෝජිතයා බවට පත් විය. 1975 දී ලෝක කාන්තා දිනය සැමරීම ආරම්භ වන විටත් කාන්තාවන් වෙනුවෙන් ක්‍රියාකාරී කොමිසමක්, කාන්තා තත්ත්වය පිළිබඳ කොමිෂන් සභාව (CSW) ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සහ කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පමණක් කැප වූ පළමු ගෝලීය අන්තර් රාජ්‍ය ආයතනය ලෙස ස්ථාපිත කර ඇත. ලොව පුරා කාන්තා අයිතිවාසිකම්වල තත්ත්වය නිරීක්ෂණය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පිළිබඳ ගෝලීය ප්‍රමිතීන් හැඩගැස්වීම සඳහා කොමිසම සාමාජික රාජ්‍යයන්, සිවිල් සමාජ සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ ආයතන එක්ව හිඩැස් තක්සේරු කිරීමට සහ වාර්ෂික පදනමින් ප්‍රගතිය ඇගයීමට ලක් කරයි. කොමිෂන් සභාව තුළ, කාන්තා අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම් සාක්ෂාත් කර ගැනීම වේගවත් කිරීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව සාමාජික රටවල් එකඟ වී තිබේ.
එවන් පසුබිමක් ලෝකය පුරාම ක්‍රියාත්මක වෙමින් පැවතියදී ශ්‍රී ලංකාවේ රජයට අයත් බාලිකා නිවාසයක දැරියන් 16 දෙනෙකු දූෂණයට ලක්වීමේ වගකීම බාරගත යුත්තේ කවුද?. එසේම මෙසේ කාන්තාවන් හෝ දියණියන් තමන්ගේ සෙල්ලම් බඩු ලෙස භාවිතා කිරීමට ඉඩ දිය යුතුද?. එසේ කිරීමට යන්තම් හෝ ඉඩක් ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව ක්‍රියාත්මක කිරීමට නොහැකිද?. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතුකල 2018 වර්ෂයේදී සැප් 17 දින මෙය ඔහු විසින් දරුවන්ගේ අයිතියට පතකරන ලදී.
ලෝකයේ හතර දෙසින් ශ්‍රී ලංකාවට එරෙහිව චෝදනා එල්ල වෙමින් සිංහල ජාතිය, දමිල ජාතියට කෙතරම් ලෙන්ගතුද යන්න පෙන්නු හොදම උදාහරණය වන්නේ එක් පුද්ගලයෙකු අතින් දූෂණයට ලක් වූ දැරියන් 16 දෙනෙකු සිටින මෙම ළමා නිවසයි. යුද්ධයෙන් මවත් පියත් දෙදෙනාම අහිමි වූ මෙම දියණියන් සියල්ලෝම දමිල ජාතික වේ. මෙම බාලිකා නිවාසය නිර්මාණය කිරිම ඇතුළු සියලුම කටයුතු සිදුකර තිබෙන්නේ ගරු ඕමල්පේ සෝභිත හිමිට අයත් බෝධිරාජ පදනම විසිනි. යුද්ධය නිසා එක වරක් වින්ධිත වූ මේ දැරිවියන් දෙවෙනි වරටත් වින්ධිතයන් වන්නේ රාජ්‍ය නිලධාරින් නිසාය. වාර්ගික යුද්ධය නිසා වින්ධිත වූ මෙම දියණියන් දෙවෙනි වරටත් වින්ධිත කිරීමේ පළමු අපරාධය සිදු කරන්නේ ඔරෙන්ජ් ෆීල්ඩ්, රක්වාන ලිපිනයේ පදිංචි ක්‍රිට්නන් චන්ද්‍රමෝගන් විසින් බව අධිකරනයේදී අනාවරණය විය. දමිල ජාතිකයෙකු වන මොහුගේ බිරිඳ මෙම නිවාසයේ පාලිකාව බව කියවේ. ඇය නමින් කන්දසාමි කලාවතීය.
සුන්දර රාක්වානේ සිංහරාජයට සමීපව පිහිටි මෙම නිවාසය ආසන්නයේම තිබෙන්නේ දැඩි වන ලැහැබකි. මෙම දූෂණය පිලිබඳව තොරතුර ලැබෙන්නේ ගොඩකවෙල ප්‍රාදේශීය ලේඛ්ම්වරියටය. ඇය කාන්තාවක් ලෙස තොරතුරු ලැබුණු වහාම ක්‍රියාත්මක වී තිබේ. නමුත් ඊට පෙර සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක අමාත්‍යංශ ලේඛම් ඔවුන්ගේ ආරක්ෂාව සහ පැවැත්ම පිලිබඳව සොයා බලා නැත. දරුවන් මෙන්ම වැඩිහිටි නිවාස පිලිබඳවද පළාතේ නිසි බලධාරියා වන්නේ ඔහුය. මෙම දරුවන් රැක බලා ගැනීම වෙනුවෙන් රටේ මහජන බදු මුදලින් ඔහුට වැටුපක් මෙන්ම නිල යාන වාහන සහ ඉදුම් හිටුම්ද ලැබේ. ඔහුගේ යට ඇදුම පවා මිලදිගන්නේ මහජන බදුමුදලෙනි. නමුත් ඔහුට අයත් කොටස කර ගැනීමට අපොහොසත් වූ ඔහු වැටුප් ලබාගෙන තිබෙන්නේ නිකමෙකු ලෙසිනි.
ඉන් අනතුරුව මෙහි වගකීම පැවරෙන්නේ පළාත් පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවටය. එහි ප්‍රධානියා වන්නේ කොමසාරිස්ය ඇයද කාන්තාවකි. නමුත් වර්තමාන කොමසාරිස්වරිය පත්ව පැමිණෙන්නේ මෑතකදීය. මේ මහා අපරාධයට වගකිව යුතු අනිත් නිලධාරියා වන්නේ සබරගමු පළාත් හිටපු පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස්ය. ඔවුන්ගේ නින්ද කෙසේද යන්න අපට අනාවරණය වන්නේ වැලිගෙපොල, මගයාය පිහිටි ආර් සෝමදාස වැඩිහිටි නිවාසයේදීය (විඩියෝ දර්ශන Sri Ravana TV යු ටියුබ් නාලිකාවෙන් ඉදිරියේදී නැරඹිය හැකිය. ඒ අනුව පාර්ලිමේන්තුවේ සම්මතකරණ ලද නීතිය බලාත්මක කල යුතු සබරගමු පළාත් පරිවාස හා ළමා ආරක්ෂක කොමසාරිස් ද මෙම දියණියන් 16 දෙනා දූෂණයට වගකිව යුතුය. ඒ සඳහා ඔවුන්ද ආධාර අනුබල දී තිබේ. ඒ රාජකාරිය පැහැර හැරීමෙනි.
එසේම පළාත් සමාජ සේවා සහකාර අධ්‍යක්ෂිකාව මේ සියල්ලේම මූලික වගකිව යුතු නිලධාරිනිය වේ. ඇයගේ රාජකාරියට පයින් ගැසීමේ ක්‍රියාවලිය අන්ත දූෂිත බවද අපට අනාවරණය වන්නේ ඉහත වැඩිහිටි නිවාසයේදීය. පාලිකාවන්ට එරෙහිව ඉදිරිපත්වන පැමිණිලි ඇය කුණු කූඩෙට දමන බවත්, කවුරුත් නැති අසරණ මිනිස් ජීවිත සමග ඇය ක්‍රීඩා කරන බවද ඉහත සඳහන් නාලිකාවෙන් ඔබට ඉදිරියේදී සාක්ෂි සහිතවම දැක බලා ගත හැකිවනු ඇත.
රාජ්‍යයේ වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කල යුත්තේ රජය විසිනි. අසරණ දරුවන් වෙනුවෙන් සහ වැඩිහිටියන් වෙනුවෙන් රජය මගින් අවශ්‍ය ප්‍රතිපත්ති නොහොත් නීතිය පනවා තිබේ. කුමන රජය පැවතියත් එම නීතියට අනුව වැඩ කිරීමට රාජ්‍ය නිලධාරීන් නීතියෙන් බැඳී සිටී. එසේම එය පුවරවැසි වගකීමේ කොටසකි. ඒ අනුව මෙම දරුවන් වෙනුවෙන් නිරන්තර අවධානය යොමු කිරීම අප ඉහතින් සඳහන් කල නිලධාරීන්ගේ වගකීම වේ. ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවකයන් සිටිය යුත්තේ 300 කට එකකි. නමුත් එය දැන් 12 කට එකක් පමණ වේ. තමන්ට රාජකාරිය නිසිලෙස කිරිමට නොහැකි නම් ඔවුන් රාජ්‍ය සේවයෙන් ඉවත්ව ගෙදර යා යුතුය. එවිට රාජකාරිය කල හැකි නිලධාරින් එය ඉටුකරනු ඇත.
එසේම මෙම දියණියන් 16 දෙනාගෙන් දෙදෙනක් පමණ එම නිවාසයට බාහිරදී දූෂණය වී තිබෙන බවද කිය වේ. මේ මහා විනාශය ගැන අංශු මාත්‍රයක්වත් දැන ගැනීමට නොහැකි වූ රක්වාන පොලිස් ස්ථානාධිපති කුමක් කලේද?. නමුත් පොලිස් ස්ථානාධිපතිවරයාට අරක්කු බී සූර් වූ විට මහ රාත්‍රියේ තමන්ගේ පතල් පොළට යාමට නම් හැකිය. රජයේ නිවාසයක සිටින දැරියන් 16 දෙනෙකු දූෂණය වන තෙක්ම ඔවුන් ආරක්ෂා කිරිමට රක්වාන පොලිස් ස්ථානාධිපති සහ එහි ළමා හා කාන්තා කාර්යාංශය අපොහොසත්ව තිබේ.
මීට අමතරව පළාත් සමාජසේවා සහකාර නිලධාරියෙකුද සිටී (පළාත් සභා). එසේම පළාතට සහකාර ලේඛම්වරයෙකුද සිටී. එසේම ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල සමාජ සේවා නිලධාරියෙක්, සමාජ සංවර්ධන නිලධාරියෙක්, අදාළ ග්‍රාම සේවා වසමට ග්‍රාම නිලධාරියෙක්, ආර්ථික සංවර්ධන නිලධාරියෙක්, පොලිස් නිලධාරියෙක් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සිටී. ඔවුන් විවිධ කටයුතු වෙනුවෙන් පත්කර තිබුනත් පුරවැසි වගකීමෙන් ඔවුන්ට මිදී යා නොහැක. උදාහරණයක් ලෙස ආර්ථික සංවර්ධන නිලධාරියා මෙම දියණියන් ගැනද සොයාබැලිය යුතුය. තම වසමේ තිබෙන සියලුම ස්ථානයන් සොයා බලා කටයුතු කිරිමේ වගකීම සෘජුවත් වක්‍රාකාරවත් ඔවුන්ට පැවරී තිබේ. ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය තුල සිටිනා අදාළ නිලධාරින් සිටින්නේ 08.30ට පැමිණ කුමක් හෝ කර, එසේත් කිරීමට යමක් නොමැතිනම් නිදාගෙන හෝ අනියම් කාන්තාවන් හෝ පිරිමින් සමග පෙම්කිරීමට හෝ, මුහුණු පොතේ හෝ අනතර්ජාලයේ තනි වී හවස 4.15 ගෙදරට යාමට නොවේ. සතිපතා, මාස්පතා මේ දරුවන් සමග සාකච්චා කරමින් ඔවුන් සමග මනා ලෙස කටයුතු කර සොයා බැලුවේ නම් මේ මහා අපරාධය කිසි සේත්ම සිදු නොවේ.
කෙසේ නමුත් දැන් සියල්ල සිදු වී අවසන්ය. අපරාධකරුට දඩුවම් ලැබෙනු ඇත. එහෙත් තම රාජකාරිය පැහැර හැර තිබෙන සබරගමුව පළාත් පරිවාස හා ළමාරක්ෂක ලේකම්ගේ සිට ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු සියලුම නිලධාරින්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. ඔවුන්ට නඩු පැවරිය හැක්කේ කෙසේද යන්න ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ ඉතා පැහැදිලිව සදහන්ව තිබේ. ඔවුන්ටද එරෙහිව දැන්වත් කටයුතු කිරිම රක්වාන පොලිස් ස්ථානාධිපතිගේ වගකීම වේ. ඔහු එසේ නොකරන්නේ නම් ඉන් කියවෙන්නේ ඔහු නීතිය නොදන්නා පොලිස් ස්ථානාධිපතිවරයෙක් බවය. එබැවින් මේ අපරාධකරුවන් සියල්ලෝම නීතිය ඉදිරියට ගෙන ආ යුතු අතර ආයතන සංග්‍රහය යටතේ ද ඔවුන්ට විරුද්ධව කටයුතු කල යුතුය. නීතිය එයයි. 2024 ලෝක කාන්තා දිනය සමරන දිනයේදී, මෙසේ දෙවරක් වින්ධිත වූ දියණියන් වෙනුවෙන් යුක්තිය ඉටුවෙනු ඇති බවට විශ්වාසයෙන් අප බලා සිටින්නෙමු. මෙම දියණියන් දෙවෙනි වරටත් වින්ධිත කර වූ ලේකම්වරයාගේ සිට පහලට සියලුම දෙනාට නීතිය ක්‍රියාත්මක කිරිමට නියෝග කිරීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ වගකීම සහ රාජකාරිය වේ.
එසේම තවත් මෙම දරුවන්ගේ ජීවිත තවමත් අනතුරේ තිබෙන බව අප එහි සිදුකල සංචාරයේදී දර්ශනය විය. එහි සිටින්නේ කාන්තාවන්ය. එසේම වන ලැහැබ ආසන්නයේ තිබෙන මෙම නිවාසයට කිසිදු ආරක්ෂාවක් නැත. මෙම දියණියන්ට තව තවත් අපරාධ සිදුවිමට පෙර දැන්වත් මෙම දරුවන් ආරක්ෂා කිරිමට කටයුතු කල යුතුය. එබැවින් ඔවුන් ආරක්ෂා කිරිමේ නිසි බලධාරියා වන්නේ රක්වාන පොලිස් ස්ථානාධිපති බැවින් මේ කටයුත්තවත් නිසි ලෙස සිදුකිරීම ඔහුගේ පරම වගකීම සහ රාජකාරිය වේ.