35 න් ලක්ෂයේ මංකොල්ලය වරදී

ලක්ෂ 35 ක මුදලක් පැහැර ගෙන පලායමින් සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව ගලේවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ගලේවෙල ප්‍රදේශයේ වයාපරිකයකුට අයත් ලොරියක් ව්‍යාපාර කටයුතු අවසන්කොට පැල්බැදියාව මනම්පෙරිගම ප්‍රදේශයේ නැවත පැමිණෙමින් සිටියදී ඊයේ රාත්‍රියේ මෙම සිදුවීම සිදුව තිබේ.

කොල්ල කරුවන් පොලිස් නිලධාරීන් සේ ලොරි රථය නවතා පරික්ෂා කරණ මුවාවෙන් මුදල් රැගෙන යතුරු පැදි දෙකකින් පලා ගිය අතර ඒ මොහොතේම ක්‍රියාත්මක වූ ලොරි රථ රියදුරා හා ගමගත් පිරිස යතරු පැදි පසුපස කිලෝ මීටර් 5ක් පමණ හබා ගොස් යතුරු පැදියක් හා එක් සැක කරුවෙක් අල්ලා මකුලුගස්වැව පොලීසියට බාර දී ඇත.

මෙම පිරිසේ ප්‍රදාන සැකකරු යුධ හමුදාවේ කලක් සේවය කල 43 වන වයසේ පසුවන වරියපොළ ප්‍රදේශයේ පදිචි පුද්ගලයෙකි. 

පලාගිය සැකකරුවන් සොයා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක අතර  මේ පිළිබද වැඩිදුර විමර්ෂණ ගිරානේගම පොලීසිය මගින් සිදු කරයි.

Exit mobile version