අන්තවාදී ප්‍රහාරයකින් 37 ක් ජීවිතක්ෂයට .

ඊසාන දිග නයිජීරියාවේ ගම්මානයකට බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 37 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.

යෝබේ ප්‍රාන්තයේ ගයිඩම් දිස්ත්‍රික්කයේ ගම්මානයකට ප්‍රහාරය එල්ල කර ඇති බව සඳහන් .

එහි දී බොකෝ හරාම් අන්තවාදීන් එල්ල කළ පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

අනතුරුව එම මළ සිරුරු භූමදානය කිරීමට පැමිණි පුද්ගලයන් 20 දෙනෙකු ද අන්තවාදීන් විසින් ඝාතනය කර තිබේ .

Exit mobile version