පොලිස් දෙපාර්තමේන්තුව හා අධිකරණය විසින් විවිධ වැරැදි හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට පසුගිය වසරේදී යොමු කළ රියැදුරන්ගෙන් 250 දෙනකු රිය පැදවීම සඳහා සුදුසු නොවන බව හඳුනාගෙන ඇතැයි වාර්තා වේ .
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ 2022 වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවේ මේ බව සඳහන් කර ඇති අතර විවිධ වැරැදි හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීම සඳහා පසුගිය වසරේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයට රියැදුරන් 3989 දෙනකු ඉදිරිපත් කර තිබේ . ඉන් 250 දෙනකු රිය පැදවීමට සුදුසු ශාරීරික හෝ මානසික යෝග්‍යතාවකින් යුක්ත නොවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, සෞඛ්‍යමය වශයෙන් මෙම රියැදුරන් රිය ධාවනය කිරීමට නුසුදුසු බවට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් සහතික කර තිබේ .
පසුගිය වසරේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයෙන් වෛද්‍ය පරීක්ෂණ අට ලක්ෂ හතළිස් හත්දහස් තුන්සිය හයක් සිදුකර ඇති අතර ඉන් සියයට හයයි දශම නවයක් සෞඛ්‍යමය හේතූන් මත රියැදුරු වෘත්තියේ යෙදවීමට නුසුදුසු බවට වෛද්‍යවරුන් විසින් නිගමනය කර තිබේ. මෙලෙස හඳුනාගත් රෝගාබාධවලින් වැඩි ප්‍රතිශතයකට (73.89%) හේතුව ඇස් පෙනීමේ දුර්වලතාව බව ද හඳුනාගෙන ඇතැයි වාර්තා වේ .