විගණන නිලධාරී තනතුරු 400ක පමණ පුරප්පාඩු පවතින බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසා ඇති බව වාර්තා වේ.
විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්රමරත්න සඳහන් කළේ, මේ හේතුවෙන් විගණන සේවා සිදු කිරීම උපරිම කළමනාකරණයකින් කිරීමට සිදුව ඇති බවයි.
මේ අතර විගණන නිලධාරී තනතුරු සඳහා සුදුස්සන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බව ද ඔහු ප්රකාශ කර තිබේ.
ඒ අනුව සුදුසුකම් ලත් දැනට රාජ්ය සේවයේ නියුතු උපාධිධාරීන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවීමට නියමිත බව සදහන්.
ඒ සඳහා ගැසට් නිවේදනය නුදුරේදීම නිකුත් කරන බවටද ඔහු ප්රකාශ කර තිබේ.