ක්‍රීඩාවට මහජන මුදල් කෝටි 400ක් වියදම් කරලා.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව ක්‍රීඩා සංවර්ධන ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි 400 කට වැඩි මුදලක් වියදම් කර ඇතත්, ඒ කිසිදු ව්‍යාපෘතියක් වෙනුවෙන් ශක්‍යතා අධ්‍යයනයක් කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා)  තොරතුරු අනාවරණය වී ඇති බව වාර්තා වේ.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පසුගිය 20 වැනිදා රැස් වූ අතර මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදී ය.

Exit mobile version