නාවික හමුදාව විසින් යාපනය , වෙත්තලකේනි මාමුනෙයි ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදේ ප්රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මුහුදේ පාවෙමින් තිබූ රුපියල් මිලියන 42 ක පමණ වටිනා කේරළ ගංජා කිලෝ ග්රෑම් 128 ක ප්රමාණයක් සොයා ගත් බව වාර්තා වේ.
මෙම කේරළ ගංජා තොගය පාර්සල 53ක් ලෙසින් උර හතක බහා තිබියදී නාවික හමුදාව විසින් සොයා ගෙන ඇති අතර මේවා බෝට්ටුවකින් යාපනය වෙත ප්රවාහනය කරමින් සිටිය දී නාවික හමුදාවේ මුර යාත්රා දැකීම නිසා එම ගංජා තොගය මුහුදට විසි කරන්නට ඇති බව නාවික හමුදාව සැක පල කරන බව සඳහන්.
මෙලෙස නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය වැඩි දුර විමර්ශන කටයුතු සඳහා නාවික හමුදා භාරයේම තබා ගෙන තිබේ.