අද (15) දහවල් A9 මාර්ගයේ පලෙයි පොලිස් වසමේ මුහමාලි ප්රදේශයේදී කිලිනොච්චිය දෙස සිට යාපනය දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අනතුරට ලක් වීමෙන් රියදුරු ඇතුළු එහි ගමන් කළ පුද්ගලයින් 44කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මෙම අනතුර සිදු වී ඇත්තේ බස් රථය දකුණට හැරවීමට උත්සහා කිරීමේදී ඊට පිටුපසින් පැමිණි ටිපර් රථයක් බස් රථයේ ගැටී බස් රථය පෙරලී යාමෙනි.