හැටන් අධ්‍යාපන කලාපයට අයත් වටවල ප්‍රදේශයේ විදුහලක ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකුට ලිංගික අතවර කිරිමට තැත් කිරිමේ චෝදනා මත එම විදුහලේම ගුරුවරයකු සැකපිට වටවල පොලිසිය මගින් 15වන දින අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබඳව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ වටවල ප්‍රදේශයේ විදුහලක 10වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනකුට එම විදුහලේ විද්‍යා විෂය ඉගැන්විම් කරන ගුරුවරයකු ලිංගික බලපැම් කරන බවට කරන ලද පැමිණිල්ලක් මත එම ගුරුවරයා සැකපිට අත් අඩංගුවට ගත් බවත්ය.
මෙම ගුරුවරයා තමන්ට ජංගම දුරකථන ඔස්සේ ලිංගික බලපැම් කරමින් කෙටි පණිවිඩ එවන බවත් එයට තමන් පිළිතුරු ලබා නොදුන් බවට එම සිසුවියන් පොලිසියට පවසා ඇති බවද එම නිලධාරියා පැවසිය.
මෙම චෝදනා මත සැක පිට එම ගුරුවරයා අත් අඩංගුවට ගත් බවත් මෙම සැකකරු අවුරුදු 44ක් වයසැති දෙදරු පියකු බවත් මෙම සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.