ඩෙංගු අධි අවදානම් කලාප 45ක්.

රට පුරා ඩෙංගු අසාදිතයන්ගේ සංඛ්‍යාව 72,840ක් දක්වා වර්ධනය වී ඇති බවට ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ නිමල්කා පන්නිලහෙට්ටි පවසයි. 

ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එම ප්‍රමාණය 34,645 කි. 
 
එය ප්‍රතිශතයක් ලෙස සියයට 47.5 ක් බවට වෛද්‍යවරිය ප්‍රකාශ කර තිබේ.
 
ඩෙංගු අධි අවදානම් කලාප 45ක් මේ වන විට නම් කර තිබේ. 
 
ඩෙංගු අධි අවදානම් කලාප 45 පහතින්,
 
කොළඹ දිස්ත්‍රික්කයෙන් – 10 
ගම්පහ දිස්ත්‍රික්කයෙන් – 08
කළුතර දිස්ත්‍රික්කයෙන් – 03 
මහනුවර දිස්ත්‍රික්කයෙන් – 11
මාතලේ දිස්ත්‍රික්කයෙන් – 02 
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 02
මඩකලපුව දිස්ත්‍රික්කයෙන් – 01 
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් – 01 
පුත්තලම දිස්ත්‍රික්කයෙන් – 04 
කෑගල්ල දිස්ත්‍රික්කයෙන් – 03
 
ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීම සඳහා මෙම වැසි කාලයේදී පරිසරය පිරිසිදුව තබා ගැනීමටත් වැසි ජලය ඒකරාශි වන ස්ථාන පිරිසිදු කර මදුරුවන් බෝ වීම වළක්වා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

Exit mobile version