කූඨ ලේඛණ හා ව්‍යාජ අත්සන් යොදා ඖෂධයක් මෙරටට ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසට සහ මේවා වෙළෙඳපොළට මුදා හැරීම නවතන ලෙසට ඉල්ලා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි 5 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
ඔහු සඳහන් කළේ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදේශකවරයකු, ස්වේච්ඡා සංවිධානයකින්, ජාතික ඖෂධ නියාමන කොමිසම් සභාවේ ප්‍රධාන විධායක නිලධාරී , ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ තවත් පුද්ගලයකු මෙම පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි .
මේ සම්බන්ධයෙන් යම් හැදෑරීමක් කර විමර්ශන ආරම්භ කර ඇති බවත් , නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරමින් , ලිපි ලේඛණ පරික්ෂා කරමින් මුලික විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .