වැලිකන්ද කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් 05 දෙනකු ඊයේ රාත්‍රියේ එම කඳවුරෙන් පලාගොස් ඇතැයි වැලිකන්ද පොලීසිය කියයි.
මොවුන්ගෙන් දෙදෙනකු පුලස්තිපුර පොලීසිය පොලොන්නරුව සුංගාවිල ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
සෙසු තිදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සහ යුද හමුදාව එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇති බව සදහන්.