පලා ගිය බන්ධනාගාර රැදවියෙක් අල්ලන්න පොලිස් කණ්ඩායම් 5ක් !

මත්ද්‍රව්‍ය සහ සොරකම් සිදු කිරීමේ චෝදනා වලට එරෙහිව බන්ධනාගාරගත කර සිටි රැදෙවියෙකු පලා ගොස් ඇති බව වාර්තා වේ.

මෙම රැදෙවියා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විත්ති කූඩුවට රැගෙන යමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැදෙවියෙකු බව සඳහන් කරන අතර මොහුට එරෙහිව මත්ද්‍රව්‍ය නඩු 30ක් පමණ අධිකරණයේ විභාග වන බව පොලීසිය ප්‍රකාශ කරයි.

රැදෙවියා බද්දේගම ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි ඇයෙකු වන අතර පලා ගිය රැදෙවියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 5ක් යොදවා ඇති බව වාර්තා කරයි.

Exit mobile version