අබුඩාබි T-10 තරගාවලියට ක්රීඩා කිරීමේ අවස්ථාව ශ්රි ලංකාවේ පන්දු යවන්නන් පස් දෙනෙකුට අහිමි වී ඇති බව වාර්තා වේ .
ඒ අනුව මතීෂ පතිරණ, වනිඳු හසරංග හා ළහිරු කුමාරට ආබාධ හේතුවෙන් තරගාවලිය අහිමි වී තිබෙන අතර ඩිල්ෂාන් මධුශංක හා දුෂ්මන්ත චමීර එම තරගාවලියට එක්වීමට නියමිතව තිබුණත් ඔවුන් දෙදෙනාට තරගාවලියට එක්නොවන ලෙස ශ්රී ලංකා ක්රිකට් ආයතනය උපදෙස් දී තිබෙන බව සඳහන් .