කොළඹ තරුපහේ හෝටලයක සුඛෝපභෝගී කාමරයක් වෙන්කරවා ගනිමින් මිතුරකු හා මත්පැන් පානය කළ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ පනහක මුදලක් මිතුරා විසින්ම සොරාගෙන ගිය සිද්ධියක් ගැන කොල්ලුපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
ඒ, කහව ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයකු විසින් පෙරේදා (06 වැනිදා) කරන ලද පැමිණිල්ලට අනුවය.
මෙම ව්‍යාපාරිකයා කොළඹ කොල්ලුපිටියේ පිහිටි තරු පහේ හෝටලයකට මිතුරකු සමගින් පැමිණ එහි කාමරයක් වෙන්කරවා ගෙන තිබේ.
පසුව දෙදෙනාම මත්පැන් පානය කර ඇති අතර අධික ලෙස මත්පැන් පානය කළ ව්‍යාපාරිකයාට නින්ද ගොස් ඇත.
ඔහුට නින්ද යාමෙන් පසු මිතුරා විසින් ව්‍යාපාරිකයාගේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ පනහක මුදලක් සොරකම් කර පලා ගොස් ඇති බව සදහන්.
මෙම සොරකම සිදුකර ඇතැයි කියන කොස්ගොඩ මාදොබෝ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදුකරන බවට කොල්ලුපිටිය පොලිසිය සඳහන් කරයි.