ගොවීන්ගෙන් 50%කට පොහොර සහනාධාර නෑ.

මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත නිකුත් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට දුන් මූල්‍ය ප්‍රතිපාදන අවසන් වී ඇති බව වාර්තා වේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ සඳහා තවත් මිලියන 2000 ක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවයි.

එම මුදල් ලැබුණු වහා ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට එම දෙපාර්තමේන්තුව පැවසුවේ ය.

දැනට ගොවීන්ගේ ගිණුම් වෙත නිකුත් කර ඇති මුදල රුපියල් මිලියන 5000 කි.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ, ගොවීන් 583,372 කට එම මුදල් නිකුත් කර ඇති බවයි.

එම සංඛ්‍යාව මහ කන්නයේ වී වගා කළ ගොවීන්ගෙන් 50% ක් පමණ වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ, ලක්ෂ දහයකට අධික මහ කන්නය වගා කළ ගොවීන්ට පොහොර මිලදී ගැනීමට රුපියල් බිලියන 11 ක් පමණ වැය වන බවයි.

මහ කන්නය ආරම්භ කර මේ වනවිට මාස එකහාමාරකට අධික වේ.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් පැවසුවේ, පොහොර මිලදී ගැනීම සඳහා තමන්ට රජයෙන් මුදල් මෙතෙක් හිමි නොවූ බවයි.

Exit mobile version