ජලාශ 50ක් තවදුරටත් වාන් දමයි.

අධික වැසි සමග ප්‍රධාන ජලාශ 50කට ආසන්න සංඛ්‍යාවක් වාන් දමමින් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ සුදර්ශනී විදානපතිරණ සඳහන් කළේ ප්‍රධාන ජලාශවල සමස්ත ජල ධාරිතාවද 80% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ අතර මල්වතු ඔය භාවිතයේදී විමසිලිමත් වන ලෙසට වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබේ.

ඒ මල්වතු ඔය පහළ ප්‍රදේශවලට නිකුත් කර ඇති ගංවතුර අවදානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීශ්වර පැවසුවේ නිල්වලා ගඟ පහළ ප්‍රදේශවල ගංවතුර අවදානම ද තවදුරටත් බලාත්මක බවයි.

Exit mobile version