දකුණේ පාසල් ගොඩනැගිලි 50 ක් කඩා වැටිලා.

පසුගිය සති හයක පමණ කාලයේ දී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන්හි පාසල් ගොඩනැගිලි පනහක් පමණ කඩා වැටී ඇති අතර මෙම ගොඩනැගිලිවල අධ්‍යාපනය ලැබූ දරුවන් සහ ගුරුවරුන් වෙනත් පාසල්වලට යොමු කර ඇතැයි දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා ඊයේ (08) ප්‍රකාශ කළ බව වාර්තා වේ .

ඔහු සඳහන් කළේ මෙලෙස කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතුව ඇති බවත් , ඇතැම් ඒවා ප්‍රතිසංස්කරණය කළ හැකි මට්ටමේ පවතින බවත් , ලෝක බැංකු ආධාර යටතේ නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මුදල් වෙන් කෙරෙන බවත් ය.

එමෙන්ම මාස දෙකක කාලයක් ඇතුළත නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට හැකියාව පවතින බව ද ඔහු ප්‍රකාශ කරන ලදී .

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ කඩා වැටී තිබෙන ඇතැම් ගොඩනැගිලි වසර පනහ හැට පැරණි බවත්, පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යාංශය ක්‍රියාත්මක කළ ව්‍යාපෘති යටතේ නව ගොඩනැගිලි ඉදිකර තිබෙන නමුත් මෙවැනි ගොඩනැගිලි අලුත්වැඩියා කිරීමට අවධානය යොමු කර නොමැති බවත් , එවැනි අවධානයක් යොමු කළේ නම් මෙතරම් විනාශයක් සිදු නොවන බවත් ය.

Exit mobile version