57 හැවිරිදි කාමාතුර විදුහල්පති හට වැඩ වරදී.

රාජාංගනය ප්‍රදේශයේ පාසලක වැඩබලන විදුහල්පති වරයකු දැරියක් අපයෝජනය කලායයි චෝදනා මත ගිරිබාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවේ.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු 10 ක දැරියක් වන අතර  අදාළ ගුරුවරයා  මෙම දැරියට වරින් වර කිහිප වතාවකදී ලිංගික අතවර සිදුකොට ඇති බව සදහන්වේ.

අදාළ දැරියගේ මව විසින් පසුගිය 14 වනදා සිට කිහිප අවස්ථාවකදී අදාළ ගුරුවරයා විසින් තම දියණියට ලිංගික අතවර සිදු කොට ඇති බවට ගිරිබාව පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඊයේ (18) පොලිසිය විසින් සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ ගුරුවරයා වයස අවුරුදු 57ක් වන සෝලේවැව ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වනඅතර සිසුවිය වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ.

Exit mobile version